ණ, න, ල, ළ අකුරැ යෙදීම
- නාම පදයක ‘ර‘ කාරයට පසු ව යෙදෙන්නේ ‘ණ‘ කාරයයි. සාධාරණ විවරණය හොරණ ආභරණ අනුස්මරණය
- ‘ර්‘ අකුරට පසුව යෙදෙන්නේ ද ‘ණ‘ කාරයයි. පූර්ණ සංකිර්ණ අවතීර්ණ ස්වර්ණ කර්ණාභරණ
- රකාරාංශයට පසුව යෙදෙන්නේ ‘ණ‘ කාරයයි. මිශ්‍රණය ප්‍රණාමය ශ්‍රේණිය මුද්‍රණාලය සම්මන්ත්ණය
- ‘ර‘ යන්නෙන් හෝ රකාරාංශයෙන් පර ව (ම, හ, ප, ව) යන අකුරක් යෙදුණ ද ඊට පසු ව එන්නේ ‘ණ‘ කාරයයි. ප්‍රමාණය අරමුණ ශ්‍රමණ ආක්‍රමණය රමණීය නිරෑපණය රෝපණය රැහුණු
- ‘ආණ‘ , ‘අණු‘, ‘අණී‘ යන ගෞරවාර්ථය ප්‍රත්‍යය සහිත වචනවල යෙදෙන්නේ ‘ණ‘ අකුරයි. හිමිපාණන් මෑණියෝ තෙරණුවෝ රජතුමාණෝ බෑනණුවන්
- අතීත කෘදන්ත පද වල යෙදෙන්නේ ‘ණ‘ කාරයයි. පිබිදුණු වැටුණි තේරැණු බැබළුණා ය පැමිණියේ ය
- ‘ෂ‘ කාරයට පසු ව යෙදෙන්නේ ‘ණ‘ ශබ්දයයි. උෂ්ණත්වය අධීක්ෂණය පෝෂණය ආකර්ෂණය විශේෂණය
- බින්දුව සදහා ‘ට‘ වර්ගයේ ( ට, ඨ, ඩ, ඪ, ණ ) අකුරකට පෙර යෙදෙන්නේ ‘ණ‘ අකුරයි. ආණ්ඩුව ඝණ්ටාව කණ්ටක වෙඩි උණ්ඩය නෑනණ්ඩි පුතණ්ඩ
- ස්ථානවාචී ‘ද්‍රෝණී‘ හෙවත් ‘දෙණී‘ ශබ්දයෙහි ‘ණ‘ යෙදේ. ඌව ද්‍රෝණිය පේරාදෙණිය දඹදෙණිය කරන්දෙණිය රන්දෙණිගල
- ‘ගණන් කරනවා‘ යන වචන වල යෙදෙන්නේ මූර්ධජ ‘ණ‘ කාරයයි. ගණිතය ගණකාධිකාරී පරිගණකය සංගණනය ඇගිලි ගණිමින්
- සෘ‘ කාරයට පෙර යෙදෙන්නේ මූර්ධජ ‘ණ‘ කාරයයි. ඒ වචනවලින් නිපන් තත්භව වචනවල ද ‘ණ‘ යෙදේ. තෘණ - තණ සෘණ - ණය භෘණ - බණ
- අග අකුර ද්විත්ව නොවන ප්‍රකෘතිවල බොහෝ විට යෙදෙන්නේ මූර්ධජ ‘ණ‘ කාරයයි. කාණු ලණු කුණු
- වර්තමාන කෘදන්ත හා විධි ක්‍රියා පදවල ‘ර‘ කාරයෙන් පර ව යෙදෙන්නේ දන්තජ ‘න‘ කාරයයි. පුපුරනවා හදාරනවා ඉරනවා සූරනවා දරන කරනු
- ‘ත‘ වර්ගයේ (ත, ථ, ද, ධ, න ) අකුරකට පෙර යෙදෙන්නේ ‘න‘ අකුරයි. පන්තිය සංක්‍රාන්තිය ග්‍රන්ථ දන්තජ කන්ථක
- සන්ධි, සමාස පදවල හා උපසර්ග සහිත පදවල රකාරයෙන් හා රකාරාංශයෙක් පර ව යෙදෙන්නේ ‘න‘ කාරයයි. ධාරානිපාත නිර්නාමික අමරනාත් පිරිනමයි යන්ත්‍රානුසාරයෙන් සුරනර
- ‘ර‘ කාරයෙන් පර ව හල් අකුර ලෙස යෙදෙන්නේ දන්තජ ‘න‘ කාරයයි. මිනිරන් රත්රන් බිහිරන් නාරන් ඒබරන් වරෙන්
- තාලුජ ‘ශ’ සමග යෙදෙන්නේ දන්තජ ‘න‘ යන්නයි. විමර්ශනය දර්ශනය ප්‍රකාශනය විදර්ශනා දේශනය
- ස්ත්‍රී ලිංගාර්ථයෙහි ‘ඉනි‘ ප්‍රත්‍යෙයහි යෙදෙන්නේ දන්තජ ‘න‘ අකුරයි ඇතිනි සභාපතිනි මැතිනි රැජීනි ජනාධිපතිනි
අකුරැ උපදින තැන්
1 ) කණ්ඨජ අක්ෂර ( උගුරෙන් උපදින ශබ්ද )
අ , ආ , ක , ඛ , ග , ඝ , ඞ , (අං)
* මේ ශබ්ද උච්චාරණයේ දී උගුර ( කණ්ඨක ) දෙසට දිවේ මුල කොටස ළං වෙයි.
2 ) තාලුජ අක්ෂර ( තල්ලෙන් උපදින ශබ්ද )
ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ
* දිවේ මැද කොටස තල්ල ( තාලුව ) වෙත සමීප වීම මේ ශබ්ද උච්චාරණයේ දී සිදු වේ.
3 ) මූර්ධජ අක්ෂර ( මුදුනෙන් උපදින ශබ්ද )
ට ඨ ඩ ඪ ණ ර ෂ ළ ඍ ඎ
* මූර්ධජ හෙවත් මුදුන වෙත දිවේ අග කොටස සමීප වීම මේ අකුරැ උච්චාරණයේ දී සිදු වේ.
4 ) දන්තජ අක්ෂර ( දත්වලින් උපදින ශබ්ද )
ත , ථ , ද , ධ , න , ල , ස
* දිවේ අග කොටස උඩුදත් වැටිය වෙත ළං වීමෙන් උච්චාරණය වන්නේ ඉහත දැක්වු අකුරැ දන්තජ නම් පමණයි.
5 ) ඕෂ්ඨජ අක්ෂර ( තොල්වලින් උපදවන ශබ්ද )
උ , ඌ , ප , ඵ , බ , භ , ම
* යටිතොල උඩු තොල හා ස්පර්ෂ වීමේ දී මේ අකුරැ උච්චාරණය වේ.
6 ) කණ්ඨ - තාලුජ අක්ෂර
ඇ , ඈ , එ , ඒ , ඓ
* උගුර ( කණ්ඨක ) හා තල්ල ( තාලුව ) ඇසුරැ කොට උපදින ඉහත දැක්වෙන අක්ෂර ශබ්ද කණ්ඨ - තාලුජාක්ෂර වේ.
7 ) කණ්ඨ - ඕෂ්ඨජ අක්ෂර
ඔ , ඕ , ඖ
* උගුර ( කණ්ඨක ) හා තොල් ( ඔෂ්ඨය ) ඇසුරෙන් උපදින ශබ්ද හදුන්වන්නේ කණ්ඨ - ඕෂ්ඨජාක්ෂර නමින් වේ
8 ) දන්ත - ඕෂ්ඨජ අක්ෂර
ව , ෆ
* දත් ( දන්ත ) හා තොල් ( ඕෂ්ඨ ) ආශ්‍රය කොට උපදින ශබ්ද දන්ත - ඕෂ්ඨජාක්ෂර නම් වේ.