අතීත ගැමි ජනයා ඔවුනොවුන්ගේ හේනේ, කුඹුරේ හෝ වේවා අස්වැන්න නොළුවේ අතිශයින්ම ගෞරවයකිනි.අහල පහල අසල්වැසියන් හෝ වෙනත් අය එකතු වී සුබ මොහොතින් අස්වනු නෙළීම අරඹයි. එහි දී ඇති වන විඩාව කාන්සිය දුරු කරගැනීම සඳහා කවි ගායනා කර ඇත. දහවල් කාලය උදාවෙත්ම ඔවුන්ගේ විඩාව තව තවත් වැඩි වෙයි. එවිට ඔවුන් ගී ගයන්නේ අපූර්වතම ස්වරයෙනි. එවැනි අවස්ථාවල දී ගායනා කරන ලදි කවි කිහිපයක් පහත පරිදි වේ.
උඩ බෝ මළුවේ බණ ගෙයි කොන දිලිසෙනවා ඒ බණ ගෙයි රැලි පාලම වටම දිලිසෙනවා කලිග රටින් ආ අට දෙන ධර්මෙ අහනවා ඒ පිරිවර දන් අරගෙන යන්ට හැරෙනවා
සෙතක් ලැබේවා තිසරණ සරණින් හැමවර මෙලක් දිවට අධිපති සැම නිරිදුන් අවසර දොසක් ඇතත් දුරහැර සෙත සලසනු නිරතුර මඳක් කියමි නෙළුම් තහංචි මම කවිකර
ඇදුනි සතක් කොළ පෙති අග තුඩු දී පෙනුණි සුනිල් තණ පත් ලෙස නද දී ඇදුනි යපුරුකක් ඒ නිසි කල දී පිපණි ගොයම් මල් නව පෙත්තේ දී
ව ර ම් ව ර ම් මට මහ බඹු අතින් ව ර ම් ව ර ම් ව ර ම් දෙවි ඉසිවර අතින් ව ර ම් ව ර ම් ව ර ම් සක් දෙවි අතින් ව ර ම් ව ර ම් කැපමට දෙවිඳුගෙන් ව ර ම්
පිට රත්වෙන අව්වේ සිට ගතොත් සොඳේ අත දැවටෙන මද උගුලා ගතොත් සොඳේ මුල තදවන බට උගුලා ගතොත් සොඳේ ඇල් වත් සදා මේ දුක ඉසු ලුවොත් සොඳේ
තුනක් ඇදුනි කොළ පෙති ජල මත්තේ මදක් පමණ වෙන කොට සිවු පෙත්තේ දනක් පමණ වෙන කොට පස් පෙත්තේ සයක් ඇදනි කොළ බොරු නැත සන්නේ