ගැමි කලාවක් ලෙසින් සැලකෙන නාඩගම් වල දක්ෂිණ භාරතීය තෙරුක්කුත්තු හෙවත් වීදි නාට්‍ය වල ආභාසය දක්නට ලැබෙන බවට විවිධ මතවාද පවතී. කෝට්ටේ හා මහනුවර රාජධානි යුගවල ඇති වූ ද්‍රවිඩ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ ගැමි නාට්‍ය විශේෂයක් වූ නාඩගම් ලංකාවේද ප්‍රචාරණය විය පසුව දේශීය නාට්‍ය විශේෂයක් ලෙස නාඩගම් කලාව වර්ධනය විය.
මෙරට රඟ දැක්වූ ප්‍රථම සිංහල නාඩගම වන්නේ නාඩගම් කලාවේ පියා ලෙසින් සැළකෙන පිලිප්පු සිඤ්ඤෝ මහතා විසින් රචිත ඇහැලේපොළ හෙවත් සිංහලයේ නාඩගම වන අතර එය 1824 දී පමණ වේදිකාගත කරන ලදී.
නාඩගම් මුලින්ම ප්‍රචලිත වූයේ ලංකාවේ යාපනය හලාවත කොළඹ වැලිගම මාතර තංගල්ල වැනි මුහුදුබඩ ප්‍රදේශ වලය.
රංග භූමිය
නාඩගම රඟ දැක්වූ රංගභූමිය කරලිය නමින් හැඳින්වේ මෙය පස් පුරවා සකස් කර ගත් අර්ධ කවාකාර රංග භූමියකි කරලේ අසන්නේ නේපත්‍යාගාරය ලෙස භාවිතා කළ මඩුවක් පැවති අතර කරළිය හා එම මඩු අතර කඩතුරාවක් ද තිබිණි ආරම්භයේ දී මෙම කඩතුරාව ලෙස සුදු රෙද්දක් භාවිතා කළ නමුදු පසුකාලීනව වර්ණවත් චිත්‍ර සහිත තිරයක් භාවිතයට ගැනුනි
නාඩගම් රංග ශෛලියේ විශේෂ ලක්ෂණ
- අංග සම්පූර්න නාට්‍ය පිටපතක් තිබීම.
- දෙමළ හා සංස්කෘත වචන මිශ්‍ර කථෝර භාෂාවක් භාවිතා කිරීම.
- වෙස්මුහුණු නොපැළදීම.
- දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතයේ රාග තාල අනුව ගීත හා සංගීතය නිර්මාණය වීම.
- පොතේගුරු හා ගායක කණ්ඩායම විසින් නාට්‍යය ඉදිරිපත් කරනු ලැබීම.
- නාඩගම් කතාව දින 3ත් 7ත් අතර කාලයක් රඟදැක්වීම.
- ගැහැනු චරිත ද පිරිමින් විසින් නිරූපණය කිරීම.
- කිටිසන් පහන් හා පන්දම් ආලෝකය භාවිතා කිරීම.
- වාද්‍ය භාණ්ඩ ලෙස හොරණෑව,මද්දලය,කයිතාලම,රවිකිඤ්ඤය භාවිතා කිරීම.
- රංග වස්ත්‍ර හා අංග රචනය ද සාමාන්‍ය ප්‍රමාණයකට යොදා ගනී.
- නාට්‍ය ගම ඉදිරිපත් කිරීමේ පිළිවෙළ අනුව පූර්ව රංග යෙදී ස්ථාවර පාත්‍රයයින් පැමිණෙයි.
- බහුබූතයා/කෝළමා/කෝණංගී - ප්‍රේක්ෂකයින් සිනහගැන්වීම කාර්යයයි.
- සෙල්ලම් ළමා/සෙල්ලෙ පිල්ලෙ - විශාල පොතක් හා දිගපන්හිඳක් රැගෙන එයින් පැමිණ සිටින අය ගණන් කරන ආකාරය පෙන්වයි.
- බෙර වාදකයන්
- දේශන වාදීන් දෙදෙනෙකු - ඔවුන් පැමිණෙන්නේ සමහර නාඩගම් වල පමණි.
- හඬ දූතයින්
මොවුන් පිළිවෙලින් කරලියට පිවිසෙන අතර අනතුරුව රාජ සභාවේ මැතිවරුන් හා රජුගේ සම්ප්‍රාප්තිය සිදු වේ. අනතුරුව නාඩගම් කතා පොත රඟ දක්වයි.
ප්‍රසිද්ධ නාඩගම් ශිල්පීන් කිහිප දෙනෙක් හා උන්ගේ නිර්මාණ -